Type Here to Get Search Results !

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවදානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි - මෙන්න දිස්ත්‍රික්ක තුන


කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවා.

එමෙන්ම ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව පැවැත්විම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

පවතින අවදානම් තත්ත්වය නිසි ආකාරව හඳුනා ගනිමින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසට සියලුම ආගමික නායකයින්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළා.

එහිදී අදහස් දැක් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා…

“ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට”.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads