අද දින මේ වන විට නව කොරෝනා ආසාදිතයන් 826 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මේ සමඟ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද 100,000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු ආසාදිතයා වාර්තා වූ පසුගිය වසරේ මාර්තු 13 වනදා සිට මේ දක්වා වාර්තා වූ ආසාදිතයන්ගේ සංඛාව 100,517 ක් වනවා.
ආසාදිතයන් ලක්ෂය ඉක්මවා ගිය 89 වන රට වන්නේ ශ්‍රී ලංකාවයි.


