Type Here to Get Search Results !

දින තුන හතරකට රට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර..?


අවම තරමින් දින තුන හතරක කාලයකට හෝ රට සම්පූර්ණයෙන් වසා දමා රට තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා තත්ත්වය පාලනය කිරීමට පියවර ගතයුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර එය ජනාධිපතිවරයා සමඟ අද පස්වරුවේ පැවැත්වෙන විශේෂ හමුවේදී සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවයි.

මෙම සාකච්ඡාව සඳහා කොවිඩ් 19 රෝග පාලන ක්‍රියාවලියට එක්ව සිටින සියලු අංශවලට අමතරව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් කන්ඩායමක්ද කැඳවා තිබෙනවා.

උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ මෙම යෝජනාව සඳහා ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවටයි.

එමෙන්ම මෙවර වෙසක් උත්සවය සඳහා තොරණ දන්සල් ආදී මහජනතාව එක්රැස්වන කිසිදු අවස්ථාවකට අවසර නොදීමට සිය සංගමය තීරණය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මතුව ඇති තත්වය දිනෙන් දින බරපතළ වන බැවින් ඒ පිලිබඳව මහජනතාව දැඩි අවධානයක් යොමුකළයුතුව ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads