Type Here to Get Search Results !

“දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නෑ” – යුද හමුදාපති


දැනට සති අන්තයේ රට LOCKDOWN කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළා.

තවද සති අන්තයේ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවත්, ජනතාව රැස්වන ස්ථාන මඟහරිමින්, වගකිමෙන් කටයුතු කරන ලෙසත් යුද හමුදාපතිවරයා ජනතාවට උපදෙස් දෙනවා.

කෙසේ වෙතත් යම් ප්‍රදේශයකින් සැලකිය යුතු රෝගීන් වාර්තා වුවහොත් එම ප්‍රදේශ හුදකලා කිරීමට සිදුවනු ඇතැයි, ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ වුණා. 


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads