කොළඹ මහනුවර සහ කුරුණෑගල ප්‍රදේශවලින් කොරෝනා වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අචාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර මහතා සඳහන් කරන්නේ මේවායේ දත්ත තවදුරටත් ලැබෙමින් පවතින බවත් අවසන් විශ්ලේෂණය ඒ අනුව සිදු කරණ බවත් ය.
තරුණ පුද්ගලයන් අතර මෙම වයිරස් ප්‍රභේදය පැතිරී යාමේ වැඩි ප‍්‍රවණතාවයක් පෙන්නුම් කරන බවද ඒ මහතා පැවැසීය.
කෙසේ නමුත් කොතරම් විකෘති ප්‍රභේදයක් පැමිණිය ද නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව කටයුතු කරන්නේ නම් කොරෝනා වෛරසයෙන් ගැලවී සිටීමේ හැකියාව ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.


