Type Here to Get Search Results !

තවත් පැත්තක් ලොක්ඩවුන්…


දැරණියගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඉලුක්තැන්න වත්ත ප‍්‍රදේශයට සංචාරණ සීමා පනවා තිබේ.

දැරණිගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තා වීමත් සමග මෙම පියවර ගත් බවයි.

අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 10 දෙනෙකු පරීක්ෂාවට යොමු කර ඇති අතර ඉන් 09 දෙනකුම කොරෝනා ආසාදිතයන් ලෙස හෙලි වී තිබේ.

එම ප්‍රදේශයේ පවුල් 381නට අයත් පුද්ගලයන් 1700 පදිංචි වී සිටී.

මේ වන විට ආසාදිතයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් සහ අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරමින් ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads