Type Here to Get Search Results !

ඉන්දියාව සැර පෙන්වයි.. ඇස්ටසෙනිකා එන්නතක් 200%කින් මිල වැඩි කරයි.. කැමතිනම් ගන්නැයි ලංකාවට කියයි…


ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් පහළොවකට මිල දී ගැනීමට එකඟතාව පළ කරන්නේ නම් එන්නත් ලක්ෂ හයක් දෙසතියක දී ලබා දිය හැකි බව ඉන්දියාවේ සීරම් ආයතනය ඖෂධ නිෂ්පාදන හා සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මෙම ආයතනය මීට පෙර එන්නතක් ලබා දී ඇත්තේ ඩොලර් පහකට වන අතර ඩොලර් දහයකට එන්නතක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යාංශය සීරම් ආයතනයෙන් ඉල්ලා තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දොළොස් ලක්ෂ හැට හතර දහසක් මේ වන විට මෙරටට ලැබී ඇත. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් බස්නාහිර පළාතේ පුද්ගලයන් හය ලක්ෂයකට දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. පළමු මාත්‍රාවෙන් පසු සති දහසයක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු නමුත් එන්නත් හිඟය හේතුවෙන් මෙතෙක් දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී ඇත. නියමිත කාලයේදී දෙවැනි මාත්‍රාව ලබා නොදීමෙන් ප්‍රතිදේහ නිර්මාණය නොවන බව වෛද්‍ය මතයද වේ.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික්V එන්නතේ පළමු මාත්‍රා තවත් පනස්දහසක් (50000) අද (28 වැනිදා) දිවයිනට ලැබීමට නියමිතය. මීට පෙර පළමු මාත්‍රා 15000ක් ලැබුණි. පළමු මාත්‍රාව ලබා දුන් අයට දෙවැනි මාත්‍රාව ඒ ආකාරයෙන්ම ලබා දිය නොහැකි බවත් දෙවැනි මාත්‍රාව වෙනස් බවත් වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව දෙවැනි මාත්‍රාව සඳහා එන්නත් හැටපන්දහසක් (65000) දෙසතියක් ඇතුළත ලබා දෙන ලෙස ඖෂධ නියාමනය හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය රුසියාවට දැනුම් දී තිබේ. කෙසේ වෙතත් එන්නත්කරණ ක්‍රියාවලිය දේශපාලනිකරණය නොකර විද්‍යාත්මකව සිදු කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයද සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිට පෙරේදා (26 වැනිදා) දැනුම් දී ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads