ජූනි 7 වැනිදා දක්වා සංචරණ සීමා දීර්ඝ කිරීමත් සමඟ, අද සිට සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සරල පැහැදිලිකිරීමක් පහතින්.
අද (24):
- දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
හෙට (25):
- උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.
අනිද්දා (26) සිට මැයි 30 දක්වා:
- දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
මැයි 31:
- උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.
ජූනි 1 සිට ජූනි 3 දක්වා:
- දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
ජූනි 4:
- උදෑසන 4 සිට රාත්‍රී 11 දක්වා සංචරණ සීමා ලිහිල් කෙරේ.
ජූනි 5 සිට ජූනි 6 දක්වා:
- දවස පුරා සංචරණ සීමා ක්‍රියාත්මකයි.
ජූනි 7:
- උදෑසන 4 සිට සංචරණ සීමා ලිහිල් කෙරේ.
සංචරණ සීමා පවතින කාලය තුළ:
- පුද්ගල සංචරණය සපුරා තහනම්. නිවසින් බැහැර යා නොහැක.
- අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් වාර්තා කළ හැක.
සංචරණ සීමා ලිහිල් කරන කාලය තුළ:
- අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීමට එක් අයෙකුට පමණක් නිවසින් බැහැර යා හැක.
- ATM යන්ත්‍ර දුර ඇති අවස්ථාවලදී හැර වාහනවල ගමන්කිරීමට ඉඩ නොලැබේ.
- ළඟම පිහිටි වෙළඳසැල් වෙත පා ගමනින් ගොස් අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඖෂධ මිලදී ගත හැක.
- විවෘතව තැබෙනුයේ සුපිරි වෙළඳසැල්, සිල්ලර කඩ, බේකරි අලෙවිසැල්, මාළු, එළවළු, පළතුරු වෙළඳසැල් හා ඔසුහල් පමණි.


