ගිනිගනිමින් පවතින “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ඉදිරි පැය කිහිපය තුළ ගිලෙනු ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) අද (මැයි 27) උදෑසන පැවසුවා.
ගින්න දිගින් දිගටම පැතිර යන බැවින් නැවෙහි පිපිරීමක් සිදුවීමේ හැකියාවක් පවතිනවා.
එවැනි ඕනෑම තත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය මිනිස්බල හා උපකරණ සූදානම්ව තබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ.
හදිසි තෙල් කාන්දුවීම් කළමනාකරණ සැලැස්ම දැනටමත් ක්‍රියාත්මක වන අතර තෙල් කාන්දුවක් පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය උපකරණ දැනටමත් ස්ථානගත කර තිබෙන බවද යාත්‍රාව ජලයෙන් යටවීමෙන් පසු ශ්‍රී ලංකාවේ මුහුදට ඉන්ධන කාන්දු වීම පිළිබඳව විමසූ විට ටර්නි ප්‍රදීප් කුමාර මහතා පෙන්වා දුන්නා.
වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට මේ පිළිබඳව දැනටමත් දැනුම් දී තිබෙනවා.


