Type Here to Get Search Results !

ලබන සඳුදා සංචරණ සීමා ලිහිල් කරනවාද? – තීරණය ගැන යුද හමුදාපති කියූ දේ


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ජාතික කොවිඩ් මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය පිළිබඳව සිදු කරනු ලබන සමාලෝචනයකින් පසු අද (28) සංචාරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

පසුගිය 25 වනදා තාවකාලිකව සංචරණ සීමාව ලිහිල් කළ අවස්ථාවේ රටේ ජනතාව නගර වෙත එක්රැස් වෙමින් අවදානම්කාරී ලෙස කටයුතු කරනු ලැබූ අතර එය සෞඛ්‍ය අංශවල කණස්සල්ලට ද හේතු වී තිබුණා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads