Type Here to Get Search Results !

පොහොර නෑ කියා මිනිස්සු බනිනවා.. ඒකට ජනාධිපති හා ඇමති මහින්දානන්ද වගකිව යුතුයි..- දයාසිරි


ඉන්ධන මිල වැඩි කිරීම සිදු කරනු ලද්දේ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය විසින් බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ඒ අනුව ජීවන වියදම් කමිටුව තීන්දු කළ පසු ඉන්ධන මිල වැඩි කිරීමේ නිල බලය ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට බවද ඔහු පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලෙස සියලු දෙනාම අකමැති නමුත් රටක් ලෙස ඇති වී තිබෙන ඩොලර් හිගය හේතුවෙන් ඊට මුහුණ දීම ට අකමැත්තෙන් වුවද සිදුවි ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුවක් නිසා සාමුහිකව එම තීන්දුවට සියලු දෙනාම බැඳී සිටින බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

එනිසා එම ඉන්ධන මිල වැඩි කිරීමේ චෝදනාව ගම්මන්පිල මහතාට විතරක් තනිව එල්ල තනිකර එල්ල කිරීම වැරදි බවත් පවසන ඔහු එසේ නම් අද වන විට ලංකාවේ ඇති විශාල පොහොර ප්‍රශ්නයට කැබිනට් පත‍්‍රිකාව දැමූ ජනාධිපතිවරයා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වග කිව යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ ආකාරයෙන් ගතහොත් ඇමතිවරුන් සියලු දෙනාටමත් ගෙදර යන තත්ත්වයක් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කළ ඔහු මෙසේ පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads