ප‍්‍රසිද්ධ වේදිකා සහ ටෙලිනාට්‍ය නිළියකගේ දියණියකගේ පානදුර ගොරකාන ප‍්‍රදේශයේ ඇති රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහර දී කෙස්වැටිය කපා දැමූ කාන්තාවන් තිදෙනකු ඊයේ (14දා) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනිය කරන ලද පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එගොඩඋයන ප‍්‍රදේශයේ පදිංචිකාන්තාවන් තිදෙනෙකි.
සැකකාරියන් තිදෙනා පෙරේදා රාත‍්‍රී ගොරකාන ප‍්‍රදේශයේ පිහිටි පැමිණිලිකාරියගේ රූපලාවන්‍යාගාරයට කඩාවැදී ඇයට පහරදී එහි තිබූ කතුර රැගෙන වරලසේ කොටසක් කපා දමා ඇති බවට පැමිණිල්ලේ සඳහය.
අත්අඩංගුවට පත් සැකකාරියන් පානදුර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර ඇති බවත්, දින 14 ක් නිවසේ නිරෝධායනයට ලක් කරන ලෙස උපදෙස් දී ඇති බවත් පුවත්පත් වාර්තා කර ඇත.