Type Here to Get Search Results !

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම ගැන මුදල් අමාත්‍යංශයේ තීරණය අද


ඔන්ලයින් මාර්ගයෙන් මත්පැන් අලෙවි කිරීම සඳහා සුපිරි වෙළඳසැල්වලට අවසර ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ නිර්දේශ අද (16) දිනයේදී ලැබු‍නු ඇතැයි බලාපොරොත්තු වන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. අදාල නිර්දේශ ලැබුණු පසුව එම නිර්දේශ සලකා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසන්නේ.

අන්තර්ජාලය හරහා ඇණවුම් ලබා‍ගෙන නිවසටම මත්පැන් සැපයීම සඳහා අවසර ලබා දෙන්නැයි සුපිරි වෙළඳසැල් ව්‍යාපාරිකයන් විසින් සුරාබදු දෙපාර්තමේවෙන් ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව ඊට අදාල සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබිණි.

මත්පැන් හල් සම්පූර්ණයෙන්ම වසා දැමීමෙන් පසු ගත වූ මාසයකට ආසන්න කාලය තුළදී සුරාබදු දෙපාර්තමේන්තුවට අහිමි වූ බදු මුදල රුපියල් මිලියන 1500 ඉක්මවා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads