Type Here to Get Search Results !

කොරෝනා පාලනය ගිලිහී යෑම අනිවාර්යයි…


සංචරණ සීමා ඊයේ දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම් ඉදිරියට ද පැවතුණහොත් කොරෝනා පාලනය රටෙන් ගිලිහී යෑම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි විධායක කමිටු සාමාජික ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරන්නේ ඊයේ දිනයේ ජනතාව බැංකු, උකස් මධ්‍යස්ථාන, මත්පැන් අලෙවිසල් වෙළඳසැල් වැනි ආයතන ඉදිරියේ හැසුරුණේ සෞඛ්‍ය උපදෙස් තුට්ටුවකට නොසලකමින් බවයි.

මේ ආකාරය තත්ත්වයන් ඇති නොවීමට සේවා සපයන ආයතනයක් මහජනතාවත් වගකීමෙන් කටයුතු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.

සෞඛ්‍ය නීති නොසලකමින් ජනතාව තම වගකීම අතහරිමින් මෙලෙස කටයුතු කළහොත් කොරෝනා පාලනය කර ගැනීම ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads