යාපනයේ වාර්තා වන ආසාදිතයන් අතර කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැක සහිත ආසාදිතයන් කිහිප දෙනෙකුගෙන් ජීව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ජයවර්ධනපුර සරසවිය වෙත යොමු කර තිබේ.
යාපනයේ ජනතාව ඉන්දීය ධීවරයන් සමග සෘජු සබඳතා පවත්වා නිසා දැනට යාපනයෙන් හමුව ඇති කොරෝනා ආසාදිතයන් අතර ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණු අය ද සිටිය හැකි බවට වෛද්‍යවරුන්ට සැක පළවී තිබේ.
කෙසේ වෙතත් කොළඹට යවන ලද සාම්පල වල වාර්තා ලැබෙන තුරු මේ සම්බන්ධයෙන් නිශ්චිත ව යමක් ප්‍රකාශ කළ නොහැකි බව ද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියා සිටී.


