Type Here to Get Search Results !

ගංවතුරට හසුවී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළට..! 1500ක් අතුරුදන්..!


මධ්‍යම යුරෝපයට බලපා ඇති දරුණු ගංවතුරට හසුවී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 170 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 1,500ක් පමණ අතුරුදන්වී සිටින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මධ්‍යම යුරෝපයේ රටවල් කිහිපයකට දරුණු ගංවතුරකින් බලපෑම් එල්ලවී ඇත්තේ දශක කිහිපයකට පසුව වීම විශේෂත්වයක්.

ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය මෙම දරුණු ව්‍යසනයට මුහුණපා සිටින රටවල් අතරට අයත්.

ගෝලීය උණුසුම ඉහළයෑමේ ප්‍රතිඵලයෙක් ලෙස මෙවැනි කාලගුණික තත්ත්වයන් හටගන්නා බවද විදෙස් වාර්තා පෙන්වා දෙනවා.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads