Type Here to Get Search Results !

දෙහිවල ‘සත්තු පොකුර’ පත්තු වෙයි..! තවත් 4කට කොරෝනා..!


දෙහිවල සත්වෝද්‍යානයේ චිම්පන්සි දෙදෙනෙකුට සහ ඔරං ඔටං දෙදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි පී.සී.ආර් පරීක්ෂණයකින් තහවුරුවූ බව එහි ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් අප වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි වාර්තාවක් ලැබී ඇති නමුත් ඒ සතුන් තවත් පරීක්ෂණ සඳහා යොමුකර එය ස්ථිරයෙන්ම තහවුරු කර ගන්නා ලෙසට සත්වෝද්‍යාන බලධාරීන්ට තමා උපදෙස් දුන් බවයි.

වාර්තාව කෙසේ වුවත් එම සතුන් සිවුදෙනා සුවසේ සිටින බවට තමාට තොරතුරු වාර්තා කර ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තොරතුරු හෙළි වීමෙන් පසු එම ඔරංඔටන් දෙදෙනා සහ චිම්පන්සි දෙදෙනා සෙසු සතුන්ගෙන් වෙන් කර නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති.

දෙහිවල සත්වෝද්‍යානයේ සිංහ දූපතේ සිංහයෙකුට සහ සිංහ ධේනුවකටද මෙයට පෙර කොවිඩ් ආසාදනය විය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads