Type Here to Get Search Results !

මන්නාරමේ කතෝලික සුරුවම් 6 කට ප්‍රහාර…!


මන්නාරමේ ස්ථාන 03 ක පිහිටි කතෝලික සුරුවම් 03 කට අද (14) කිසියම් නාදුනන පිරිසක් විසින් පහර දී අලාභහානි සිදුකොට පලා ගොස් ඇතැයි මන්නාරම පොලීසිය පවසයි.

මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතොලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික සුරුවමකට මෙලෙස පහර දී පලා ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇත.

මේ පිලිබඳව මන්නාරම් පොලීසියෙන් විමසීමේදී පවසා සිටියේ කිසිදු අයුරකින් කතෝලික පල්ලි වෙතට පහරදීමක් සිදු වී නොමැති බවටත් ස්ථාන කිහිපයක සුරුවම් වෙතට පමණක් පහරදීම සිදුව ඇති අතර අදාල පහරදීම්වලින් සුරුවම් ආවරනය කොට ඇති කණ්ණාඩි ඇතුලු ආවරණ වලට හානි සිදුව ඇති අතරම සුරුවම් ආසන්නයේ තිබී ගල් කිහිපයක්ද සොයාගැනීමට හැකි වූ බවටය.

අදාල පහරදීම් සම්බන්ධයෙන් මන්නාරමේ වැසියන් පවසා සිටියේ ගෙවුනු දින තුනට පමණක් මෙලෙස කතෝලික සුරුවම් 06 කට කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පහර දී හානි කොට ඇති බවටය.

කෙසේ අදාල පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads