යාල වනෝද්‍යානයේ පළමුවන බිම ප්‍රදේශයෙන් අක්කර 12,000 ක පමණ ප‍්‍රමාණයක් යම් රහසිගත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට රජය සැලසුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මෙම තොරතුරු තමන්ට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය මැද්දේ නීති විරෝධී මාර්ගයක් ඇති කිරීමට සූදානමක් තිබෙන බව ද ඒ මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කර ඇත.