නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් වාට්ටුවෙන් අද (25) උදෑසන 8.00ට පමණ පැන ගිය අසාදිතයෙකු නිවස කරා යමින් සිටියදී නාවලපිටිය කුරුඳුවත්ත මේරිවල පොලිස් මුරපොළ අසලදී පොලීසියේ නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ.
නාවලපිටිය කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන මොහු ඉකුත් 20 වනදා පස්බාගේ කොරළේ සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබුණි.
එහිදී රෝගී තත්ත්වය උත්සන්නවීම හේතුවෙන් අදාළ කොවිඩ් වාට්ටුවට ඇතුළත් කර ඇත.
ආසාදිත පුද්ගලයා ලංගම බස් රථයක ගමන් කර ඇති අතර එහි පිරිස නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.


