Type Here to Get Search Results !

දිගා සිරිකොතට ගිහින් රංගේට හොඳවැයින් දෙකක් කියයි..!


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ සිරිකොතට ගොස් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හට දොස් පවරා ඇති බව වාර්තා වේ.

ඊට හේතු වී ඇත්තේ එජාපයෙන් තරග වැදී ප්‍රාදේශීය සභාවලට තේරී පත්ව ඇති දිගම්බරම් පිලේ මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වීමය.

ඒ සමගම සිරිකොතට ගොස් ඇති දිගම්බරම් මහතා එසේ කළහොත් තමන්ද ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව රංගේ බණ්ඩාර මහතාට දැනුම් දී තිබේ.

කෙසේවෙතත් රංගේ බණ්ඩාර මහතා එහිදී සදහන් කොට ඇත්තේ නුවරඑළියේ හිටපු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක මහතාගේ සහ කේ.කේ. පියදාස යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් දැඩි බලපෑම් එල්ල කරන බවකි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads