Type Here to Get Search Results !

ශ‍්‍රීලනිප කොටසක් ආණ්ඩුවෙන් එලියට..!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවෙන් ඉවතට යා යුතු බව එම පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හමුවේ අදහස් පළ කරමින් ඔහු මෙසේ පවසා තිබේ.

ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට අවශ්‍ය නම් ආණ්ඩුවේම සිටිමින් ආණ්ඩුව සමග වැඩ කටයුතු කළ හැකි බවත් සෙසු පිරිස ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් පක්ෂය අලුතින් ගොඩ නැගිය යුතු බවත් ඔහු සඳහන් කර ඇත.

ආණ්ඩුවට සම්බන්ධ පක්‍ෂයක් වුවද අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ කටයුතුවලට හවුල් නොකර පැත්තකට දමා ඇති බවත් එනිසා ගම්වල පාක්ෂිකයන්ට මුහුණ දී ගත නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් එහි දී පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් තවත් දවසක සාකච්ඡා කර තීන්දු වක් ගත යුතු බවයි.

මේ තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇති වී තිබෙන ගැටලු ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් යොදාගෙන තිබේ.

එම සාකච්ඡාව එළඹෙන 21 වන දා පැවැත්වීමට නියමිතය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads