බංකොලොත් තත්වයට පත්වෙමින්, වසා දැමීමට පවා නිර්දේශව තිබෙන ශ්‍රී ලංකන් ගුවන්සමාගම රුපියල් කෝටි ගණනක මුදලක් වියදම් කරමින් සිය ගුවන්යානවල මහනුවර දළදා පෙරහැරේ ස්ටිකරයක් ඇලවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
මේ සඳහා එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALP ගුවන්යානය යොදා ගැනීමට සැලසුම් කර ඇතැයි ‘ලංකා සී නිව්ස්’ වාර්තා කරයි.
අදාළ ස්ටිකර් ඇමරිකාවෙන් ලබාගැනීමට නියමිත අතර අමුද්‍රව්‍යවලට පමණක් යන වියදම රුපියල් ලක්ෂ 78ක් පමණ වන බවත්, මෙහි අනෙක් සියලු කටයුතු සමගින් ගුවන්යානයක ස්ටිකර් අලවා අවසන් කරන විට එම වියදම රුපියල් කෝටියත් ඉක්ම වනු ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
ඉන් අනතුරුව තවත් මෙවැනි ගුවන්යානා 6ක මෙලෙස ස්ටිකර් ඇලවීමටත් සැලසුම් කර ඇත.