Type Here to Get Search Results !

කොළඹින් ඩෙල්ටා 11ක්…! ඩෙල්ටා ආසාදිතයන් අති විශාල පිරිසක් රට පුරා…!


කොරෝනා වෛරසය ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් ප්‍රමාණය 38ක් ඇයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණද එම ප්‍රභේදය ආසාදිතයන් අතිවිශාල පිරිසක් සමාජගත සිටීමේ දැඩි අවදානමක් ඇතැයි වාර්තා වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ දැනට මෙම ආසාදිතයන් හඳුනාගන්නේ සිදුකරන ලද පරීක්ෂණ වලින් සැකසහිත නියැදි පරීක්ෂාවෙන් පමණක් බව බවයි.

පවතින තත්ත්වය මත ඩෙල්ටා ප්‍රභේදය පැතිරී ඇති බවට බරපතළ සැකයක් පවතින බව සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

මේ අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නිසා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් බරපතළ රෝග ව්‍යාප්තියක් සිදුවිය හැකි බවයි.

ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් යැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසන්නේ පෙරේදා දිනයේ මෙරටින් හමු වු ඩෙල්ටා ආසාදිතයන් අතර කොළඹ නගර සීමාවේ එකොළොස් දෙනෙකු වන බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads