ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සඳහන් කළා.
SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවත් මීට පෙර පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 – 70ත් අතර වේගයකින් පැතිර යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.


