Type Here to Get Search Results !

දුම්රිය ස්ථාන හතක් වසාදැමේ..


දුම්රිය ස්ථාන හතක් වසා දමා තිබෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් එම දුම්රිය ස්ථාන වසා දමා ඇති බවයි එම සංගමය සදහන් කළේ.

මෙලෙස වසා දමා ඇත්තේ ඉඳුරුව, රත්ගම, විල්වත්ත, තල්පේ, හෙට්ටිමුල්ල, එගොඩ උයන සහ උතුරු කළුතර යන දුම්රිය ස්ථානයි.

මේ වන විට දුම්රිය ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව යටතේ සිටින දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකයන් ඇතුළු 102 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙන බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් 38 දෙනෙක්, නියාමකයන් 12 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල 52 දෙනෙක් මේ අතර වන බවයි වාර්තා වන්නේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads