Type Here to Get Search Results !

ඇත්ත ආසාදිත ප‍්‍රමාණය හෙලිකලාම මරන අනුපාතය අඩුවෙයි..- සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය


ශ්‍රී ලංකාව මේ වන විට කොරෝනා මරණ ඉහළ අනුපාතයක් පෙන්නුවද මරණ අනුපාතය තීරණය වන්නේ වාර්තා වන රෝගීන් සංඛ්‍යාවට සාපේක්ෂව බවත් ඒ අනුව මෙරට වාර්තා වූ සැබෑ ආසාදිත සංඛ්‍යාවේ දත්ත ලැබුණු පසු මරණ අනුපාතය අඩු වනු ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයා බලමින් සිටින බවයි.

ඉක්මනින්ම එම වරද නිවැරදි කිරීමෙන් පසු කොරෝනා මරණ අනුපාතය අඩු වනු ඇති බවද ඔහු පැවසීය.

සිදුව ඇත්තේ දත්ත වාර්තා කිරීමේ ගැටලුවක් මිස දත්ත සැඟවීමක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මෙම වරද නිවැරදි කර ගැනීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමේ නිලධාරීන් සමග අවශ්‍ය කටයුතු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදුකරමින් ඇති බවද පැවසූ ඔහු සිදුව ඇති වරද වහා නිවැරදි කිරීමට අමාත්‍යාංශය කටයුතු කරන බවද කියා සිටියේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads