ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වී තිබේ.
රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අතර ඊයේ පැවති දුරකථන සංවාදයකට පසුව මෙම හමුව සිදු ව ඇති බවද වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම හමුවේ දී රටේ ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම, වසංගතයක් පාලනය ආදී වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා සිදුව ඇති බවයි.


