Type Here to Get Search Results !

මෝචරිය පිරිලා.. ටයර් දමා සමූහ ආදාහනයක් කරන්න වෙයිලු..


පානදුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහවල සීඝ්‍ර වලින් වීමක් දක්නට ඇති බැවින් එම මෘත දේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීමට අවධානය යොමු වී ඇතැයි පානදුර නගර සභාපති නන්දන ගුණතිලක මහතා පැවසීය. ටයර් දමා දර සෑයවල්හි මෘත දේහයන් ආදාහනය කළ යුතු තත්වයක් මේ වනවිට උද්ගතවී ඇතැයි නගරාධිපතිවරයා කියා සිටී.

සුසාන භුමිවල එළිමහනේ තාවකාලික ආදාහනාගාර ස්ථාපිත කර මෙම මෘත දේහයන් ආදාහනයට සැලසුමක් කර තිබුණත් ඒ සඳහා අධික මුදලක් වැය කිරීමට පළාත් පාලන ආයතනවලට සිදුවනු ඇතැයි ද පැවසේ.

පානදුර නගර සීමාවට පවතින්නේ එකම ආදාහනාගාරයක් බැවින් එහි දිනකට උපරිමයෙන් ආදාහනය කළ හැක්කේ මෘත දේහයන් 3ක් පමණයි. එබැවින් අවස්ථානුකුලව ගොරකාන, මොරටුව, වාද්දුව ඇතුළු අවට ප්‍රදේශයන්හි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කෙරේ.

එහෙත් දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනාගරයන්හි දැඩි තදබදයක් මතුව ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දෙයි.

මෙම කොවිඩ් මෘතදේහ වෙනත් ප්‍රදේශවල භූමදානය කිරීමට රජයෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කර තිබුණත් එම ප්‍රදේශයන්හි මහජන විරෝධතා මතුවිය හැකි බැවින් එය එසේ කළ නොහැකි බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

පානදුර මුලික රෝහලේ වෛද්‍යවරයකු සඳහන් කළේ රෝහල් මෘතශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කිරීමේ ධාරිතාවය 37ක් පමණ වුවත් දැනට කොවිඩ් ආසාදිත මළ සිරුරු 50කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවයි.

– aruna


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads