Type Here to Get Search Results !

කෑගල්ලේ කඩ වැසීම නගරාධිපති වලකයි.. නගර සභාවට පාඩුයිලු..


අද දින සිට සති දෙකක කාලයකට කෑගල්ල නගරයේ කඩ සාප්පු වසා දැමීමට කෑගල්ල නගරයේ වෙළඳ සංගම් ගත් තීරණය නගර සභාවේ නගරාධිපතිවරයාගේ මැදිහත්වීම මත තාවකාලිකව අත්හිටුවා තිබේ.

වෙළඳ සංගමය සභාපතිවරයා සඳහන් කරන්නේය 31 වැනි දින දක්වා සියලුම වෙළඳ සැල් වසා දැමීමට ඊයේ දිනයේ තීරණය කර තිබිනි.

වෙලද සංගමය සදහන් කරන්නේ කොරෝනා වසංගතය ඉතා දරුණු ලෙස පැතිරී යාම හේතුවෙන් ජන ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තරණය ගත් බවයි.

කෙසේ නමුත් කෑගල්ලේ නගරාධිපතිවරයා තමන්ට දුරකථනයෙන් අමතා එම තීරණයට එකඟ නොවන බවත් වෙළඳසැල් විවෘත කරන ලෙස දැනුම් දුන් බවත් ඔහු පැවසීය.

නගරාධිපතිවරයා සඳහන් කරන්නේ නගරයේ වෙලදසැල් වසා දැමුවොත් නගර සභාවට විශාල අලාභයක් සිදු වන බවත් නගරය වසන්නේ නම් නගරාධිපතිවරයා හෝ ආණ්ඩුකාරවරයා දැනුම් දිය යුතු බවත් බවත්ය.

දේශපාලන වුවමනාවන් මත නගරයේ වෙලද සැල් වසා දමන්නට තමන් ඉඩනොදෙන බවත් නගරාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads