Type Here to Get Search Results !

අධි අවධානම් කොවිඩ් ආසාදිතයන්ට හදිසි භාවිතය සඳහා රීජන් කොව් ඖෂධය ගෙන්වීමට අවසර‍..


අධි අවධානම් කොවිඩ් ආසාදිතයන්ට හදිසි භාවිතය සඳහා රටවල් ගණනාවක් අනුමත කර ඇති රීජන් කොව් (REGEN-COV) නැමති ප්‍රතිදේහ ජනක ඖෂධය මෙරටට ගෙන්වීමට හැකියාව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව එම ඖෂධය ගෙන්වීම සඳහා අවසර ලබාදුන් සමාගම මෙම ඖෂධය සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම හේතුවෙන් ඔවුන්ට තාවකාලික තහනමක් පනවා තිබූ බවත් මේ වන විට එම තහනම ඉවත් කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

රීජන් කොව් ඖෂධය ගෙන්වීම සඳහා එම සමාගමට අවස්ථාව ලබාදී ඇති බවත් මෙම ඖෂධය භාවිතා කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අවශ්‍ය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads