පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
මන්ත්‍රීවරයා විසින් මේ බව සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.
සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී මේ බව තහවුරු වූ බවමන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත.
පසුගිය අගෝස්තු මස 01 වෙනිදා සිට මේ දක්වා තමන්ව ආශ්‍රය කළ සියලු දෙනාට ස්වයං නිරෝධායනය වන ලෙසත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා දැනුම් දී තිබේ.