කොරෝනා වෛරස ව්‍යාප්තියේ නිවැරදි දත්ත වසන් කිරීමක් සිදු වෙමින් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.
වෙරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මාධ්‍ය ඔස්සේ දත්ත වසන් කිරීම මගින් එය පාලනය කළ හැකි යැයි සිතනවා නම් එය මෝඩ ක්‍රියාවක් යැයි ද ඒ මහතා කියා සිටියි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකම සංඛ් යාලේඛන ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දුන්නේ දිස්ත‍්‍රික් මට්ටමින් වලින් නිකුත් කරන සංඛ්‍යාලේඛන වලට වඩා අඩු ප්‍රමාණයක් ජාතික මට්ටමෙන් මාධ්‍ය වෙත මුදා හැර ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ දෛනිකව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් 60% ක්ම ධනාත්මක වන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.


