Type Here to Get Search Results !

සේනාධිපතිගේ හඬපට බොරුවක්..! දිල්රුක්‍ෂි යලි සේවයේ පිහිටුවන්නැයි දන්වයි..! බිලියන දෙකක් ඉල්ලා සේනාධිපතිට නඩු දමයි…! - VA News


අල්ලස් දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් හා හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර පැවති දුරකථන සංවාදය සංස්කරණය කරන ලද්දක් බව පරිපාලන අභියාචනා විනිශ්චය සභාව තහවුරු කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

අදාල සංවාදය හේතුවෙන් වික්‍රමසිංහ මහත්මිය ගේ වැඩ තහනම් කර අනිවාර්ය සේවා නිවාඩු යැවීමට ලක් කරනු ලැබ තිබින.

මෙම තත්ත්වය මත එම වැඩ තහනම් කිරීමේ නියෝගය අහෝසි කරන ලෙසත් වහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට අවසර දෙන ලෙසත් දන්වා ඇත.

මේ අතර තමනට මෙම හඬ පට සිදුවීම නිසා සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන 2 ක මුදලක් වහාම ගෙවන්නැයි දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සේනාධිපති මහතා වෙත එන්තරවාසි ලිපියක් යවා තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads