Type Here to Get Search Results !

තරග තහනම් වූ ක‍්‍රිඩකයෙක් රට හැර ගොස් ඇමරිකා කණ්ඩායමට එක්වෙන්න සූදානම්..! - VA News


විනය විරෝධී හැසිරීම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙක් රට හැර යාමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවෙයි.

ඔහු ඇමෙරිකාවට ගොස් එරට ක්‍රිකට් කණ්ඩායම් සමඟ එක්වීමට සූදානමකින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

ආසන්න දින කිහිපයේදී එකී ක්‍රීඩකයා තම සමාජ ජාල ගිණුමේ මෙරට ක්‍රිකට් ප්‍රෙක්‍ෂකයන්ට ස්තුති කරමින් සටහන් කිහිපයක් ද පළකර තිබිණි.

එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරුනේ යැයි එල්ල වූ චෝදනා මත නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග සදහා වසරක් දේශීය තරග සදහා මාස 06ක් ලෙස තහනමක් පැනවීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads