දැනට සහල් සඳහා පනවා ඇති පාලන මිල නැවත සංශෝධනය කිරීමට පාරිභෝගික ආරක්ෂණ සමුපකාර අමාත්‍යාංශයේ අවධානය යොමුවී ඇත.
නමුත් එහිදී කැකුලු සහ නාඩු සහල් පාලන මිල සංශෝධනය නොකිරීමටත් සම්බා හා කීරි සම්බා මිල සංශෝධනය කිරීමටත් සලකා බලමින් සිටී.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 103 සිට 120 දක්වා වැඩි කිරීමට යෝජනා වී ඇති අතර කීරි සම්බා කිලෝවක් 125 සිට 145 දක්වා ද වැඩි කිරීමට යෝජනා වී තිබේ.