Type Here to Get Search Results !

මත්පැන්හල් විවෘත කිරීමට කොරෝනා මර්දන බලකායේදී තීරණය කර නෑ..


ඇඳිරි නීතිය දීර්ඝ කිරීමත් සමඟ මත්පැන් හල් විවෘත කිරීමට කිසිදු තීරණයක් කොරෝනා මර්ධනය සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

එවන් තත්වයකදී සුරාසැල් විවෘත කිරීමේ තීරණය ගත්තේ කවුදැයි තම සංගමයට ද විශාල ගැටළුවක් එයිද සංගමයේ මද්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා පැවසීය.

මේ අතර මෙම කාරණාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ අනෙකුත් වෙලද සැල් වසා තිබියදී මත්පැන් හල් පමණක් විවෘත කිරීමේ කිසිදු පදනමක් නැති බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට මත්පැන් හල් විවෘත කිරීමේ හෝ වැසීමේ හැකියාවක් නැති බවද ඔහු පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads