Type Here to Get Search Results !

මහා විනාශයක්..? සජිත්ගෙන් රටම කැළබෙන හෙළිදරව්වක්..?


පසුගිය දිනවල ප්‍රමිතියෙන් තොර ගෑස් නැව් දෙකක් මෙරටට පැමිණි බවත් එම ප්‍රමිතියෙන් තොර ගෑස් වෙළඳපලට නිකුත් නොකරන ලෙස ප්‍රමිති ආයතනය දැනුම් දී තිබියදීත් අදාල ගෑස් නිකුත් කිරීමට කටයුතු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් තොර ගෑස් ගෑස් වෙළෙඳ පොළට නිකුත් කොට මිනිස් ජීවිත බිල්ලට ලබාදෙන ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ බලවත් පාප කර්මයක් සහ අපරාධයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, රට පුරා සිදුවන ගෑස් අනතුරුවලින් පීඩාවට පත්වන සහ හානි සිදුවන ජනතාවට වන්දියක්වත් ලබා දීමට ආණ්ඩුව කටයුතු කොට නැතැයිද පැවසීය.

ඒ වෙනවිටත් ගෑස් පිපිරීම් වලින් ජීවිත කිහිපයක් අහිමිවී ඇතිබව පැවසූ විපක්ෂ නායකතුමා මේ සියල්ලට වගකිව යුත්තේ ආණ්ඩුව බවද පැවසීය.

ලුණුගම්වෙහෙර බෙරලිහෙල නිවසක ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් එම නිවැසියන්ට හානි සිදුවූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවසට ගොස් ඒ පිලිබදව සොයා බැලීය. ඉන් අනතුරුව මාධ්‍ය අමතා විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.


– media unit


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads