Type Here to Get Search Results !

ඔමික්‍රෝන් මෙරට ප‍්‍රධාන ප‍්‍රභේදය බවට.. රට පුරා වේගයෙන් පැතිරෙමින්…


ඔමික්‍රෝන් ප්‍රභේදය තවත් සති දෙකක කාලයක් ඇතුළත මෙරට ප්‍රධාන කොරෝනා ප‍්‍රභේදය බවට පත්වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොරෝනා ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

විදේශගතව මෙරටට පැමිණ පුද්ගලයන් කොරෝනා ආසාදිතයින් ලෙස ගුවන්තොටුපොළේ දී සිදුකරන පරීක්ෂණ වලින් හෙළි වුවහොත් ඔවුන්ගේ ජෛව සාම්පල ජාන විශ්ලේෂණ සඳහා යොමු කරන බව ද ඔහු පැවසීය.

එසේ ජාන පරීක්ෂාවට යොමු කරන්නේ කොරෝනා ප්‍රභේදයන් හඳුනාගැනීම සඳහායි.

ඔමික්‍රෝන් ප‍්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයට වඩා තුන් ගුණයක වේගයකින් ව්‍යාප්ත වන බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

දැනටමත් මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් 48 දෙනෙකු හඳුනාගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads