Type Here to Get Search Results !

ගෝඨා-මහින්ද හමුවක්.. පෝලිම් වැඩේ වහාම නවත්වන්න.. වියත්මග හරියන්නේ නෑ.. මහින්ද ගෝඨාට දේශපාලන පාඩමක් උගන්වයි..


ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.

ඉකුත් සති අන්තයේ ජනාධිපතිවරයාගේ නිවසේ මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී අගමැතිවරයා දැනට රට තුළ මතුව ඇති පෝලිම් සංස්කෘතිය පිළිබදව විවේචනාත්මකව අදහස් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

70-77 මැතිනියගේ ආණ්ඩු සමයේ පැවැති පෝලිම් සංස්කෘතිය එම ආණ්ඩුව බිදවැටීමට බලපෑ ප්‍රධාන හේතුව බවද අගමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එමෙන්ම වියත්මග සංවිධානයෙන් පැමිණි සභාපතිවරුන් අසාර්ථක බවත්, ඔවුන් දේශපාලකයන් ගණන් නොගෙන කටයුතු කිරීම හේතුවෙන් බරපතළ අර්බූද ගණනාවක් මතුව ඇති බවද අගමැතිවරයා මෙහිදී ‌ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මෙහිදී අගමැතිවරයා පළ කළ අදහස් සාවධානව ජනාධිපතිවරයා අසා සිටි බවත්, එහිදී අගමැතිවරයාගේ අදහස් පිළිගෙන ඇති බවත් දැනගන්නට ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads