Type Here to Get Search Results !

ඩොලර් නෑ.. ජනවාරි මැද ඉන්ධන හිගයක අවදානමක්.. බයිසිකලයේ දුර උපරිම දුර වෙයි..- ගම්මන්පිල රටට කියයි…


ජනවාරි තුන්වන සතියේ සිට ඉන්ධන හිගයකට මුහුණ දීමේ අවධානමක් තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අවදානමක් ඇති නමුත් එය සිදුවන්නේ ක්ෂණිකව නොවන බවද පවසන අමාත්‍යවරයා ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සපයා ගත නොහැකි වුවහොත් මෙම තත්ත්වය ඇතිවන බවද කියා සිටියි.

තමන් මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිහිපවිටක්ම දැනුවත් කර ඇති බවද පැවසූ ඔහු වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විකල්පයන් සපයා ගත හැකි තත්ත්වයක් තිබුණද ඉන්ධන සඳහා එවන් විකල්පයක් නැති බවද කියා සිටියේය.

යම් හෙයකින් ඉන්ධන සැපයුම නැවතුන හොත් බයිසිකලයක යා හැකි දුර පමණක් ගමන් කිරීමට ජනතාවට සිදු වනු ඇති බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලි නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads