Type Here to Get Search Results !

ලිට්‍රෝ සමාගමේ සියලු අලෙවි නියෝජිතයින් සතු හිස් සිලින්ඩර් ආපසු ගෙන යයි…


ලිට්‍රෝ ගැස් සමාගම විසින් සියලුම ගැස් අලවි නියෝජිතයින් සතුව තිබෙන ගෘහස්ථ හිස් ගැස් සිලින්ඩර් තොග (08) දින සිට ආපසු සිය සමාගම වෙතරැගෙන යාමට පියවර ගෙන ඇත.

මිට ප්‍රතම අලවි නියෝජිතයා වෙත ලබා දෙන ගැස් සහිත සිලින්ඩර් ප්‍රමාණයට ආපසු හිස් ගැස් සිලින්ඩර් සමාගම විසින්  රැගෙන යන අතර (08) දින ගැස් සහිත ගැස් සිලින්ඩර් තොග අලෙවි නියොජිතයාට ලබා නොදි හිස් ගැස් සිලින්ඩර් පමනක් ගැස් අලෙවි නියොජිතයා සතු හිස් ගැස් සිලන්ඩර් සමාගම රැගෙන යන අයුරු දක්නට හැකි විය.

සමාගමේ නිලධාරියෙකු කියා සිටියේ දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයින්ට අවශ්‍යය ගෘහස්ථ ගැස් තොග එක්වර දිවයින පුරා  බෙදා හැරිම සදහා සියලුම ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයින් සතු හිස් ගැස් සිලින්ඩර් මෙසේ  එකතු කිරිමට පියවර ගත් බවයි.

– රංජිත් රාජපක්ෂ


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads