Type Here to Get Search Results !

මෘත දේහයත් සමග අවමංගල රථය පැහැරගෙන යයි…


 මළ සිරුරක්ද සමග අවමංගල රථයක් පැහැරගෙන ගොස් එය අතරමග දමා ගිය බීමත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හක්මන පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි.

හක්මන තැඹිලිපොල ප්‍රදේශයේ තරුණයෙකු මිය යාමත් සමග ඔහුගේ මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව එම දේහය පවුලේ ඥාතීන්ට භාර දී ඇත.

ඉන් අනතුරුව දේහය එම්බාම් කටයුතු කිරීමට ප්‍රදේශයේ මල් ශාලාවට භාර දීමෙව් එහ කටයුතු අවසන් කර අවමංගල රථය තබා නිවසට ගෙන යාමේදී යාමට සූදානම් වෙද්දී එහි පැමිණි තරුණයාගේ ඥාතීන් දෙදෙනෙකු අවමංගල රථය රැගෙන පලාගොස් තිබේ.

මල් ශාලාවේ හිමිකරු සිද්ධිය පිළිබඳව පොලිසිය දැනුවත් කර වෙනත් වාහනයකින් අවමංගල රථය ලුහුබැද ගොස් ඇත.

ඒ අවස්ථාවේදී සැකකරුවන් අවමංගල රථය අතරමඟ දමා පලා ගොස් තිබේ.

මේ වන විට සැකකරුවන් දෙදෙනා සැඟව සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads