Type Here to Get Search Results !

ආදරය නතර කලාට පෙම්වතිය නිරුවත් කර ඇඟ පුරා නයිමිරිස් අතුල්ලලා


 ආදරයට පිටු පෑම නිසා ඊට පළිගැනීමක් වශයෙන් පෙම්වතියගේ නිවසට කඩා වැදී ඇය නිරුවත් කර සිරුර පුරා නයි මිරිස් අතුල්ලා වධ හිංසා කළ බව කියන යුධ හමුදා සෙබලෙකු ඔහුගේ මව සහ නැගෙණියන් දෙදෙනෙකු පෙරේදා අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය සදහන් කරයි.

පෙම්වතිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා විසිපස් හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ මව පනස් දෙහැවිරිදි වියේ හා දියණියන් දෙදෙනා 32 සහ 34 වියේ පසුවෙයි.

පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසන්නේ තරුණිය මාස 10ක පමණ කාලයක් තිස්සේ සෙබලා සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා එම සම්බන්ධව නතර කර ඇති බව එම තරුණිය ප්‍රකාශ කල බවත්ය.

පෙම්වතිය සමග යළි එම සම්බන්ධය ඇති කර ගැනීමට සෙබල පෙම්වතා කීප වරක්ම උත්සාහ කර ඇතත් ඇය ඊට කැමැති වී නැත.

පසුව සෙබලා මේ ගැන තම මව සහ නැගෙණියන් දෙදෙනාටද පැවසීමෙන් පසු එම තිදෙනා තරුණිය සොයා ගොස් ඔහු සමග යාලුවන ලෙස ඉල්ලා ඇතත් ඇයි අකමැත්ත ප්‍රකාශ කර ඇත.

දැඩි කෝපයට පත් සෙබලාගේ මව වත්තේ තිබුන ගස් වලින් මිනිස් කඩා ඒවා අඹරා ගුලියක් ලෙස සකස් කරගෙන සෙබලා හා ඇගේ නැගෙණියන් දෙදෙනා ද කැටිව යතුරුපැදියකින් තරුණියගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය සදහන් කරනවා.

මව සහ ඇගේ නැගණියන් දෙදෙනාද තරුණියගේ අත්දෙක පිටුපසට කර අල්ලාගෙන සිටියදී පෙම්වතිය නිරුවත් කර පෙන්වතියගේ ශරීරය පුරා මිරිස් ගා ඇති බවත් දැවිල්ල් ඉවසා ගැනීමට නොහැකිව ඇය මරහඬ දී ඇති බවත් , ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණියට ද අමානුෂික ලෙස පහරදී ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads