Type Here to Get Search Results !

ශවේන්ද‍්‍ර සිල්වා ගැන පරීක්‍ෂණයක්…?


 ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ශවේන්ද‍්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සමාජ ජාල වල වාර්තා පල වෙමින් ඇත.

පසුගිය වසරේ අරගල සමයේ මෙරට තුළ සිදු වූ කලහකාරී සිදුවීම් පාලනය සම්බන්ධයෙන් කඩිනම් නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා කිහිපයක් ඒ මහතාට එල්ල වී ඇතැයිද වාර්තාවන්හි සඳහන්ය.

අදාළ අරගල කාල සිමාවේ වූ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ෂණයට පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුව වාර්තාවෙන් මෙම චෝදනා එල්ල වී ඇති බවත් ඒ අනුව නීතිපතිවරයා විසින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇති බවත් දැක්වෙයි.

අදාළ කමිටු වාර්තාව මගින් එවකට යුද හමුදාපති ධූරය දැරූ ශවේන්ද‍්‍ර සිල්වා මහතාද වගකිව යුතු බවට පත්කර ඇති බවද සඳහන්ය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads