මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි පසිඳු ලක්මාල් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
සැකකරු සමාජ මාධ්‍ය හරහා පාසල් සිසුවිය සමඟ දැන හඳුනාගෙන පසුව ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් අනතුරුව පාසල් සිසුවියගේ නිරුවත් වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැකකරු විසින් ගෙන්වාගෙන ඇත.
ගෙන්වා ගන්නා ලද සියලුම නිරුවත් වීඩියෝ දර්ශන යළිත් පාසල් සිසුවිය වෙත යවා ඇති සැකකරු එම පාසල් සිසුවියට ලිංගික තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ මවට දැනුම් දී ඇත.
පාසල් සිසුවියගේ මව විසින් සැකකාර තරුණයාට දුරකථන ඇමතුමක් ලබාගත් අවස්ථාවේ මවගෙන්ද නිරුවත් වීඩියෝ දර්ශන කිහිපයක් ඉල්ලා ඇත.
ඒ අනුව මව විසින් නුවරඑළිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව නුවරඑළිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විජේසේකර මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් සමඟ සැකකරු ඉතා සුක්ෂ්ම ලෙස නුවරඑළිය වෙත කැඳවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.