Type Here to Get Search Results !

ඉන්දීය තරගය පරදින්නැයි ඉහලින්ම දැනුම් දීලා.. තර්ජනය කරලා.. මුදලට පාවා දීලා..


 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගය පරාජය වන්නැයි කණ්ඩායමට ඉහළින්ම උපදෙස් ලැබී තිබුණු බවට තොරතුරු ඇතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ කියා සිටිති.

ඒ වෙනුවෙන් ඉන්දියාවෙන් ඩොලර්, වාහන ඇතුළු දේ ලැබීමි ඇති බව ද උන්වහන්සේ කියා සිටියහ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

‘විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අපිට දැනුම් දීලා තියෙනවා හාමුදුරුවනේ අපිට පරදින්න කියලා තියෙන්නේ ඉතිං ඒක පැහැදිලියිනෙ. ඉන්දියාවේ මුදල් ඇමති ඇවිල්ල යනකොට ක්‍රිකට් පරාද වෙනවා.

මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ජීවිත අනතුරේ තියෙනවා මේ විදියට කරපල්ලා කියලා ක්‍රිකට් බෝඩ් එක පාලන තන්ත්‍රය ඔවුන්ට තර්ජනය කරලා. බස් දෙනව, ලොරි දෙනව, කාර් දෙනවා.. ඩොලර් දෙනවා ඕන ගොඩක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා පාවා දීලා’

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads