Type Here to Get Search Results !

එජාපය, පොහොට්ටුව එක ලකුණකින් මැතිවරණයට..


 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමඟ පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමේ එකඟතාවක් ඇති කර ගැනීමේ සූදානමක් මේ වනවිට පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ප්‍රථමයෙන් ප්‍රධාන පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කර ගැනීම සඳහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බවත්, ජාතික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර, එම එකඟතාව ඇති කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් දැනගන්නට ඇත.


කෙසේ නමුත් එම සාකච්ඡා අවසන් කර අවසන් තීරණයකයට එළැඹීමට නියමිත බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය.


එකඟතාවකට පැමිණීමට හැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ලෙස පොදුු ලකුණකින් තරග කෙරෙනු ඇත.


ජාතික ප්‍රතිපත්තීන් පිළිබඳව එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කෙරෙන බවත් එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවැසීය.


ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වූ නමුත් තීරණයකට එළැඹීමට නොහැකි වීම තුළ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට ඉඩහැර ඇත.


කෙසේ වුවත් එන ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.


අනුර බාලසූරිය, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, නාලක සංජීව දහනායක

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads