Type Here to Get Search Results !

චන්දික හතුරුසිංහට කුණු බැණුම්..


 ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර, සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී හදිසියේම කණ්ඩායමෙන් ඉවත්ව ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය පුහුණුකරු චන්දික හතුරුසිංහ යළි බංග්ලාදේශ කණ්ඩායමට එක්වීම සැකසහිත බව එරට ක්‍රිකට් මණ්ඩලයේ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් මහතා පවසයි.


අ‌ෙමරිකානු ඩොලර් 25000ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 75ක්) වැටුපක් හා වරප්‍රසාද රැසක් ලබන ශ්‍රී ලංකා ජාතික පුහුණුකරුට රැකියාවෙන් ඉවත්වීමට සිදුවන බව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා මාධ්‍යයට පැවැසීය.


පසුගිය ඉන්දීය ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් අධ්‍යක්ෂවරයාව සිටියදී තමන්ට ලැබිය යුතු ගෞරවය ලබා නොදුන් හතුරුසිංහ කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් හා ඇතැම් ක්‍රීඩකයින් සමඟ සුහදව කටයුතු නොකළ බවට චෝදනා කළේය.


බංග්ලාදේශ පෞද්ගලික රූපවාහිනී නාළිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිකට් අධ්‍යක්ෂවරයා චෝදනා කළේ ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ඇලන් ඩොනල්ඩ් සහ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මොට් සමඟ හතුරුසිංහගේ නොමනා හැසිරීම් නිරන්තර දක්නට ලැබුණු බවය.


“ලෝක කුසලානයේ මොකද වුණේ කියා ඔබ දන්නවාද? ඇලන් ඩොනල්ඩ් පැවසුවේ කුමක්ද, මැක්ඩර්මොට් පැවසුවේ කුමක්ද? ප්‍රධාන පුහුණුකරු කණ්ඩායම සමඟ හොදින් හිටියේ නෑ. කොල්ලො ටිකත් හරි ගියේ නෑ. නමුත් එයට හේතු තිබුණා“ අධ්‍යක්ෂ කලීඩ් මහ්මුද් සුජාන් මහතා පැවැසීය. කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය හතුරුසිංහගේ පැමිණීම හෝ නොපැමිණීම සම්බන්ධයෙන් තවමත් නිල ප්‍රකාශයක් සිදුකර නැත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads