Type Here to Get Search Results !

මහ මැතිවරණයකට මුදල් වෙන් කර නෑ..- මැතිවරණ කොමිසම

 

2024 වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයට කිසිදු මුදලක් වෙන් කිරීමක් සිදුකර නැති මැතිවරණ කොමිසම සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දෙන්නේ නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මැතිවරණයට අවශ්‍ය මුදල් භාණ්ඩාගාරයෙන් නිදහස් කිරීමටත් ඔහු බැඳී සිටින බවය.

“පාර්ලිමේන්තුව විසුරුවා හැරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටිනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ නිවේදනය ජනපති ලේකම්ගේ අත්සනින් නිවේදනය කරාට පසුව ඒ අනුව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා නාමයෝජනා භාරගන්නා දින කවදා ද?, මැතිවරණය පැවත්වීමේ දිනය කවදා ද ? සහ පාර්ලිමේන්තුව නැවත රැස්වන දිනය කවදා ද ? කියලා.

මේ කරුණු තුන ඇතුළත් ගැසට් නිවේදනයක් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් වුණාට පසුව තමයි පාර්ලිමේන්තු මැතිවරණය ගැන නීත්‍යාණුකූලව කතා කරන්න පුළුවන් වෙන්නේ.

2024දී පාර්ලිමේන්තු මැතිවරණයකට කිසිදු ආකාරයක මුදල් වෙන්වීමක් වෙලා නෑ. 2025 වසරට තමයි නියම වශයෙන් තියෙන්නේ. නමුත් යම් ලෙසකින් ජනාධිපතිවරයා විසින් ඔහුට තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේනම් එම විසුරුවාහැරීමේ නිවේදනයත් සමගම ඔහු බැඳිලා ඉන්නවා මැතිවරණයට මුදල් භාණ්ඩාගාරයෙන් දෙන්න. 2025 සඳහා අයවැය පුරෝකථනය කිරීමේදී රුපියල් බිලියන 11ක් මැතිවරණයකට අවශ්‍ය බව කියා තිබෙනවා.”
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads